Tuesday, November 14, 2017

දත්ත සන්නිවේදන ක්‍රම

දත්ත සන්නිවේදනය යනු කුමක්ද?
එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට දත්ත සම්ප්‍රේෂණය කිරීම දත්ත සන්නිවේදනය ලෙස හැඳින්වේ.
දත්ත සන්නිවේදනය සඳහා අවශ්‍ය මූලික කොටස්
  1. දත්ත ප්‍රභවය - දත්ත යවන්නා
  2. දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය
  3. දත්ත ග්‍රාහකයා - දත්ත ලබා ගන්නා
දත්ත සම්ප්රේෂණ විධි
  1. ඒකපථ -SIMPLEX
  2. අර්ධ ද්විපථ - HALF DUPLEX
  3. පූර්ණ ද්විපථ - FULL DUPLEX
ඒකපථ -SIMPLEX
මොකක්ද  මේ ඒකපථ කියන්නෙ?
ඒක  වීඩියෝවකින් පැහැදිලි කර ගනිමු.


එතකොට  මොනවද ඒකපථ සම්ප්‍රේෂණය සිදුවන අවස්ථා
රූපවාහිනී විකාශනය, ගුවන් විදුලි විකාශනය ආදිය මේකට උදාහරණ වෙන බව පැහැදිලියි නෙ ඔයාට?
මොකද විකාශන කුළුණෙන් රූපවාහිනිය, ගුවන් විදුලි යන්ත්‍රය  වෙත දත්ත(signal) පැමි‍ෙණනවා මිසක අපට බෑ නේද විකාශන කුළුණ වෙත දත්ත සම්ප්‍රේෂණය කරන්න.

හරි අපි දැන් බලමු අර්ධ ද්විපථ - HALF DUPLEX  කියන්නෙ මොකක්ද කියල.
එ්කත් වීඩියෝවකින්ම බලමු නේද?









පූර්ණ ද්විපථ - FULL DUPLEX
 අර්ධ ද්විපථ වගේ  නෙමෙයි. මේපූර්ණ ද්විපථ - FULL DUPLEX  එකම වෙලාවෙ  දෙදිශාවටම දත්ත සම්ප්‍රේෂණය සිදුවෙනවා. බලන්න එහෙමද කියල

පහත වීඩියෝවෙන් අර්ධ ද්විපථ සහ පූර්ණ ද්විපථ සන්සංදනය කරන හැට් බලන්න.




අපි අනෙක් පාඩමේදී දත්ත සන්නිවේදන මාධ්‍ය  ගැන සාකච්ඡා කරමු.